ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිපත්ති
1979 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කාන්තාවන්ට සිදුවන වෙනස්කම් අවම කිරීම පිළිබඳ සෙඩෝ ප්‍රඥප්තිය 1981 දී ශ්‍රී ලංකා විසින් අනුමත කරන ලදී.එසේම 1994 දී වියානා සමුළුවේදී ඇතිකළ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු වෙනස්කම් තුරන් කිරීමේ ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇත. අපරානුමත කිරීම යනු යම්කිසි සම්මුතියක් හෝ ප්‍රඥප්තියක් ජාත්‍යන්තර සංවිධානයක් විසින් ඇති කරගත් කල්හි පසුකාලීනව එහි ප්‍රතිපාදන මෙරට ද අදාළ වන බවට මෙරට ව්‍යවස්ථාදායකය විසින් තීරණ ගනු ලැබීමයි.
ලෝකයේ අඩකට වඩා වැඩි පිරිසක් කාන්තාවන් සිටින අතර වත්කම්වලින් ඔවුනට හිමි ව ඇත්තේ සියයට එකක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් බව සොයාගෙන ඇත. මෙරට තත්ත්වය ද ඊට දෙවැනි නොවේ.පාරම්පරිකව දේශපාලනික උරුමය ලැබූවන් හැර දේශපාලනය වැනි ක්ෂේත්‍ර වල කාන්තා නියෝජනය අවම මට්ටමක පවතී. නමුත් රටක් වශයෙන් අපගේ දේශපාලනය තුළ කාන්තාවන්ට හිමි වී තිබූ ස්ථානය පිළිබඳ සතුටු වීමට හැකියාවක් ඇත. විශේෂයෙන්ම ජනාධිපතිවරියක් සහ අගමැතිවරිය ක් එක විට රට පාලනය කළ මුල්ම අවස්ථාවක් පවා අප රටෙහි පැවතිණ.
ඉහත ප්‍රඥප්ති වලට සමගාමීව මෙරට නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කාන්තාවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිණිස ගෙන ඇති ප්‍රතිපාදන මොනවාදැයි සොයා බලමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලිංග භේදය අනුව වෙනස්කමකට භාජනය නොකිරීමටත් කාන්තාවන්ගේ සහ ළමයින්ගේ සුබ සිද්ධිය පිණිස විශේෂ නීති පැනවීමට ඇති හැකියාවත් මූලිකව පෙන්වා දිය හැකිය.පොලිසි වල ළමා හා කාන්තා කාර්යංශ පිහිටුවීම කාන්තාවන්ට නීතියෙහි පිහිට පැතීම වඩා පහසු කරලිමට හේතු විය. තවද රාජ්‍ය නොවන සංවිධාන පිහිටු වීමට අනුබල දීම සහ ඊට අනුබද්ධ කාන්තා සංවර්ධන ආයතන පිහිටුවීම සිදු කරන ලදී.
මේ යටතේ තවදුරටත් ස්ථිර කොට ඇති කාන්තාවන්ගේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් විමසා බලමු. සියලුම ඡන්ද විමසීම් වලදී සහ ජනමත විචාරණ වලදී ඡන්දය දීමට සහ ඡන්දයෙන් තෝරාපත් කරනු ලැබ පාර්ලිමේන්තුවට හෝ වෙනත් මණ්ඩලවලට තේරීපත්වීමට කාන්තාවන් සුදුස්සන් වෙන බවට පිළිගෙන ඇත. රජයේ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී සහභාගිවීමටත් රජයේ තනතුරු දැරීමටත් රාජ්‍ය මට්ටමේ සියලු කටයුතු කිරීමටත් කාන්තාවන්ට හිමිකමක් ඇති බව අවධාරණය කර ඇත. ජාත්‍යන්තර මට්ටමේ දී රජය නියෝජනය කිරීමට ජාත්‍යන්තර සංවිධානවල කාර්යයන් වලදී පුරුෂපක්ෂය හා සමාන ලෙස කිසිදු වෙනස් කමකින් තොරව සහභාගි වීමේ අවස්ථාව කාන්තාවන් වෙත ද ලබාදීම සඳහා උචිත පියවර රජය විසින් ගත යුතු බවට පිළිගැනේ.
විවාහය සහ පවුල් සම්බන්ධතා වලට අදාලව පුරුෂයන් සහ සම අයිතිවාසිකම් කාන්තාවන්ට ඇති බවත් එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බවටත් පිළිගෙන ඇත. එහිදී සහකරු තෝරා ගැනීමේ හා ස්වාධීන වූ පූර්ණ වූත් ස්ව කැමැත්ත මත පමණක් විවාහයට එළැඹීම අයිතිය ස්ත්‍රීන්ටද හිමිවිය යුතු අයිතියක් බවට විශේෂයෙන් දැක්විය හැකිය. දරුවන් ගණන් හා දරු උපත් පරතරය පිළිබඳ නිදහස් හා වගකිවයුතු ලෙස තීරණය ගැනීම සඳහා කාන්තාවන්ට මවක ලෙස සාධාරණ අයිතිවාසිකමක් ඇත. විවාහක කාලය තුළ හා විවාහය අවලංගු කිරීමේ දී ද සම අයිතිවාසිකම් හා වගකීම් දැරීමේ අයිතිය ද, දරුවන්ගේ යහපත ප්‍රමුඛත්වයෙන් ලා සලකමින් තම දරුවන්ට අදාළ කටයුතුවලදී දෙමාපියෙක් වශයෙන් සම අයිතිවාසිකම් හා වගකීම් දැරීමේ අයිතිය ද කාන්තාවන් සතු වේ.
මීට අමතරව,
- අධ්‍යාපනයට හා පුහුණු වීමට ඇති අයිතිය සහ ඊට අදාළ අනු අයිතිවාසිකම්
- ආර්ථික කටයුතු වල දී සහ එහි ප්‍රතිලාභ වලට ඇති අයිතිය
- සෞඛ්‍ය ආරක්ෂාවට සහ පෝෂණයට ඇති අයිතිය
ඉහත සඳහන් ප්‍රඥප්ති වල බලපෑම අනුව සහ මෙරට ව්‍යවස්ථාදායකය විසින් හඳුනාගත් අවශ්‍යතා අනුව මෙරට නීති පද්ධතියට ප්‍රතිපාදන ඇතුළත් කිරීමේදී සලකා බලා ඇත.
මේ සම්බන්ධ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික කමිටුවක් ස්ථාපනය කර ඇති අතර කාන්තා ස්වේච්ඡා සංවිධානවල හෝ කාන්තා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයක් ලැබූ තැනැත්තන් අනතුරෙන් දෙදෙනෙකු ජනාධිපතිවරයා විසින් ඊට පත් කෙරේ. තවද නීතිය, සෞඛ්‍යය, ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනය, විද්‍යාව හා පරිසරය යන ක්ෂේත්‍රවල විශිෂ්ටත්වයට පත් පොදු පිළිගැනීමක් ඇති තැනැත්තන් අතුරෙන් දෙදෙනකු ද ඊට පත්කෙරේ. මේ ආදි වූ මුළු කමිටු සාමාජිකයින් ගණන 15ක් වේ. වෙනස්කොට සැලකීම පිළිබඳ පැමිණිලි පිළිගැනීම සහ නිරීක්ෂණය කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු විවිධ කාර්යයන් මෙම කමිටුව විසින් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තුවේ
මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිපත්ති
1979 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කාන්තාවන්ට සිදුවන වෙනස්කම් අවම කිරීම පිළිබඳ සෙඩෝ ප්‍රඥප්තිය 1981 දී ශ්‍රී ලංකා විසින් අනුමත කරන ලදී.එසේම 1994 දී වියානා සමුළුවේදී ඇතිකළ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු වෙනස්කම් තුරන් කිරීමේ ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇත. අපරානුමත කිරීම යනු යම්කිසි සම්මුතියක් හෝ ප්‍රඥප්තියක් ජාත්‍යන්තර සංවිධානයක් විසින් ඇති කරගත් කල්හි පසුකාලීනව එහි ප්‍රතිපාදන මෙරට ද අදාළ වන බවට මෙරට ව්‍යවස්ථාදායකය විසින් තීරණ ගනු ලැබීමයි.
ලෝකයේ අඩකට වඩා වැඩි පිරිසක් කාන්තාවන් සිටින අතර වත්කම්වලින් ඔවුනට හිමි ව ඇත්තේ සියයට එකක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් බව සොයාගෙන ඇත. මෙරට තත්ත්වය ද ඊට දෙවැනි නොවේ.පාරම්පරිකව දේශපාලනික උරුමය ලැබූවන් හැර දේශපාලනය වැනි ක්ෂේත්‍ර වල කාන්තා නියෝජනය අවම මට්ටමක පවතී. නමුත් රටක් වශයෙන් අපගේ දේශපාලනය තුළ කාන්තාවන්ට හිමි වී තිබූ ස්ථානය පිළිබඳ සතුටු වීමට හැකියාවක් ඇත. විශේෂයෙන්ම ජනාධිපතිවරියක් සහ අගමැතිවරිය ක් එක විට රට පාලනය කළ මුල්ම අවස්ථාවක් පවා අප රටෙහි පැවතිණ.
ඉහත ප්‍රඥප්ති වලට සමගාමීව මෙරට නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කාන්තාවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිණිස ගෙන ඇති ප්‍රතිපාදන මොනවාදැයි සොයා බලමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලිංග භේදය අනුව වෙනස්කමකට භාජනය නොකිරීමටත් කාන්තාවන්ගේ සහ ළමයින්ගේ සුබ සිද්ධිය පිණිස විශේෂ නීති පැනවීමට ඇති හැකියාවත් මූලිකව පෙන්වා දිය හැකිය.පොලිසි වල ළමා හා කාන්තා කාර්යංශ පිහිටුවීම කාන්තාවන්ට නීතියෙහි පිහිට පැතීම වඩා පහසු කරලිමට හේතු විය. තවද රාජ්‍ය නොවන සංවිධාන පිහිටු වීමට අනුබල දීම සහ ඊට අනුබද්ධ කාන්තා සංවර්ධන ආයතන පිහිටුවීම සිදු කරන ලදී.
මේ යටතේ තවදුරටත් ස්ථිර කොට ඇති කාන්තාවන්ගේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් විමසා බලමු. සියලුම ඡන්ද විමසීම් වලදී සහ ජනමත විචාරණ වලදී ඡන්දය දීමට සහ ඡන්දයෙන් තෝරාපත් කරනු ලැබ පාර්ලිමේන්තුවට හෝ වෙනත් මණ්ඩලවලට තේරීපත්වීමට කාන්තාවන් සුදුස්සන් වෙන බවට පිළිගෙන ඇත. රජයේ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී සහභාගිවීමටත් රජයේ තනතුරු දැරීමටත් රාජ්‍ය මට්ටමේ සියලු කටයුතු කිරීමටත් කාන්තාවන්ට හිමිකමක් ඇති බව අවධාරණය කර ඇත. ජාත්‍යන්තර මට්ටමේ දී රජය නියෝජනය කිරීමට ජාත්‍යන්තර සංවිධානවල කාර්යයන් වලදී පුරුෂපක්ෂය හා සමාන ලෙස කිසිදු වෙනස් කමකින් තොරව සහභාගි වීමේ අවස්ථාව කාන්තාවන් වෙත ද ලබාදීම සඳහා උචිත පියවර රජය විසින් ගත යුතු බවට පිළිගැනේ.
විවාහය සහ පවුල් සම්බන්ධතා වලට අදාලව පුරුෂයන් සහ සම අයිතිවාසිකම් කාන්තාවන්ට ඇති බවත් එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බවටත් පිළිගෙන ඇත. එහිදී සහකරු තෝරා ගැනීමේ හා ස්වාධීන වූ පූර්ණ වූත් ස්ව කැමැත්ත මත පමණක් විවාහයට එළැඹීම අයිතිය ස්ත්‍රීන්ටද හිමිවිය යුතු අයිතියක් බවට විශේෂයෙන් දැක්විය හැකිය. දරුවන් ගණන් හා දරු උපත් පරතරය පිළිබඳ නිදහස් හා වගකිවයුතු ලෙස තීරණය ගැනීම සඳහා කාන්තාවන්ට මවක ලෙස සාධාරණ අයිතිවාසිකමක් ඇත. විවාහක කාලය තුළ හා විවාහය අවලංගු කිරීමේ දී ද සම අයිතිවාසිකම් හා වගකීම් දැරීමේ අයිතිය ද, දරුවන්ගේ යහපත ප්‍රමුඛත්වයෙන් ලා සලකමින් තම දරුවන්ට අදාළ කටයුතුවලදී දෙමාපියෙක් වශයෙන් සම අයිතිවාසිකම් හා වගකීම් දැරීමේ අයිතිය ද කාන්තාවන් සතු වේ.
මීට අමතරව,
- අධ්‍යාපනයට හා පුහුණු වීමට ඇති අයිතිය සහ ඊට අදාළ අනු අයිතිවාසිකම්
- ආර්ථික කටයුතු වල දී සහ එහි ප්‍රතිලාභ වලට ඇති අයිතිය
- සෞඛ්‍ය ආරක්ෂාවට සහ පෝෂණයට ඇති අයිතිය
ඉහත සඳහන් ප්‍රඥප්ති වල බලපෑම අනුව සහ මෙරට ව්‍යවස්ථාදායකය විසින් හඳුනාගත් අවශ්‍යතා අනුව මෙරට නීති පද්ධතියට ප්‍රතිපාදන ඇතුළත් කිරීමේදී සලකා බලා ඇත.
මේ සම්බන්ධ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික කමිටුවක් ස්ථාපනය කර ඇති අතර කාන්තා ස්වේච්ඡා සංවිධානවල හෝ කාන්තා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයක් ලැබූ තැනැත්තන් අනතුරෙන් දෙදෙනෙකු ජනාධිපතිවරයා විසින් ඊට පත් කෙරේ. තවද නීතිය, සෞඛ්‍යය, ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනය, විද්‍යාව හා පරිසරය යන ක්ෂේත්‍රවල විශිෂ්ටත්වයට පත් පොදු පිළිගැනීමක් ඇති තැනැත්තන් අතුරෙන් දෙදෙනකු ද ඊට පත්කෙරේ. මේ ආදි වූ මුළු කමිටු සාමාජිකයින් ගණන 15ක් වේ. වෙනස්කොට සැලකීම පිළිබඳ පැමිණිලි පිළිගැනීම සහ නිරීක්ෂණය කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු විවිධ කාර්යයන් මෙම කමිටුව විසින් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තුවේ.