CivilTradeEmployment

නියෝජිතයින් පිළිබඳ නීතිය

Lexelon5 min read
Lexelon blog image

නියෝජිතයෙකු පත්කර ගැනීම සඳහා ද ගිවිසුමක් අවශ්‍ය වේ. එබඳු ගිවිසුමක,

  1. ප්‍රධානියා සහ නියෝජිත අතර
  2. ප්‍රධානියා සහ තෙවන පාර්ශවයක් අතර
  3. නියෝජිත සහ තෙවන පාර්ශවය අතර

සම්බන්ධතාවය පවත්වා ගනු ලබන්නේ කෙසේද යන්න සහ ඒ පිළිබඳව ඇති වනු ලබන නෛතික බැඳීම පිළිබඳ ව ද විස්තර විය යුතුය.

බොහෝ අවස්ථා වල මෙම නියෝජිත භාවය පැනනගින්නේ සම්මුතියකින් හෙවත් ගිවිසුමකින් ය. එම ගිවිසුම් වල ප්‍රකාශිතව හෝ ව්‍යංගව ඇති කොන්දේසි නියෝජිත බැඳීම පවත්වාගෙන යාම සඳහා මුල් විය යුතුය. එවැනි කොන්දේසි නොමැති අවස්ථාවලදී නියෝජිතයින් පිළිබඳ නීති මගින් එම තත්ත්වයන් පාලනය වේ.

නියෝජිතයකුගේ යුතුකම්,
  • තමා ඉටුකිරීමට භාරගත් කාර්යය නියෝජිතයකු විසින් ඉටු කළ යුතු වේ.
  • නියෝජිතයා ප්‍රධානියාගේ උපදෙස් පිළිපැදිය යුතුය.
  • තමාට භාරවූ කාර්යය ඉටු කිරීමේදී නියෝජිතයා මනා සැලකිල්ලකින් සහ දක්ෂ ලෙස ක්‍රියා කළ යුතුය.
  • තමාට ලබා දී ඇති බලතල වෙනත් අයකුට පවරා දීම සිදුනොකළ යුතුය.
  • නියෝජිතයා ප්‍රධානියාගේ හිමිකමට ගරු කළ යුතුය.
  • අවශ්‍ය වූ විට නියෝජිතයා විසින් ගිනුම් ඉදිරිපත් කළ යුතුය.
  • විශ්වාසවන්තව කටයුතු කළ යුතුය.
  • හොර රහසේ ලාභ ලබා ගැනීමට කටයුතු නොකළ යුතුය.
  • ප්‍රධානියකුගේ යුතුකම්,
  • නියෝජිතයාට නිසි පරිදි ගෙවීම් සිදුකිරීම.
  • තමාගේ බලතල ක්‍රියාවේ යෙදවීමේදී ඇති වූ පාඩු වගකීම් සහ වියදම් සම්බන්ධයෙන් නියෝජිතයාට හානි පූර්ණය කිරීම.

නියෝජිතයකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රධානියකුට ගැටලුවක් මතු වූ අවස්ථාවකදී පහත ක්‍රියාමාර්ග ගැනීම නීත්‍යානුකූල ලෙස සැලකේ.

  • සේවයෙන් පහ කිරීම.
  • නඩු පැවරීම.

නියෝජිත ගිවිසුමට අනුව කටයුතු නොකරන ප්‍රධානියකු සම්බන්ධව නියෝජිතයකුට ගතහැකි ප්‍රතිකර්ම

  • නඩු පැවරීම.
  • හිලව් කිරීම.
  • ලියම ප්‍රතිකර්මය.

ලියම (Lien) යනු, ප්‍රධානියා විසින් නිසි පරිදි ගෙවීම් හෝ හානිපූර්ණය සිදු නොකර ඇති අවස්ථාවකදී, ප්‍රධානියාට හිමි භාණ්ඩ නියෝජිතයා සතුව තිබේ නම්, එම භාණ්ඩ තමාගේ ගෙවීම් නිසි පරිදි ලැබෙන තුරු, රඳවා තබා ගැනීම වේ. කෙසේ නමුත් එම රඳවා තබා ගැනීම නීත්‍යානුකූල වන්නේ, එම භාණ්ඩ නීත්‍යානුකූලව ලබා ගත්තේ නම් පමණි.
නියෝජිත ගිවිසුම් සඳහා උදාහරණ,

  1. අලෙවි නියෝජිත
  2. බෙදාහැරීමේ නියෝජිත
  3. යම් තැනැත්තෙකු වෙනුවෙන් යම් අවස්ථාවක් සඳහා වෙනත් තැනැත්තෙකු සහභාගී කරවීම.

යම් ආයතනයක නියෝජිතයකු ලෙස යවනු ලබන තැනැත්තා එම ආයතනයේ සේවකයෙකු වන අවස්ථාවේ දී, අදාල සේවා ගිවිසුම අනුව එම අවස්ථාවන් පාලනය වන අතර යම් ගැටළු සහගත අවස්ථාවලදී නියෝජිතභාවය පිළිබඳ නීති තත්ත්වයන් ද අදාළ කරගත හැකිය

Lexelon

Lexelon

Lexelon is a legal platform that makes Sri Lankan law easy to understand for the general public and businesses.