Family

පීතෘත්වය තහවුරු කරන DNA පරීක්ෂණයක් සිදු කර ගන්නේ කෙසේද?

Lexelon2 min read
Lexelon blog image

අධිකරණ කටයුතු වලදී 'පීතෘත්වය හෝ ඥාතීත්වය' ප්‍රශ්න ගතවන අවස්ථා උද්ගත විය හැකිය. එවැනි අවස්ථාවලදී DNA පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් ඇත. මෙකී අධිකරණ ක්‍රියාවලියට අමතරව පෞද්ගලිකව ද DNA පරීක්ෂණ සිදු කර ගැනීමේ හැකියාවක් තිබේ. ප්‍රසූතියට පෙර ද නූපන් දරුවාගේ DNA සංසන්දනය කර බැලීමේ ක්‍රමවේදයක් ද පවතී. නමුත් මෙම පරික්ෂා තරමක් මිල අධික වේ.

DNA පරීක්ෂණයක විද්‍යාත්මක පසුබිම මදක් විමසා බලමු. ඕනෑම තැනැත්තෙකුගේ මුළු DNA ප්‍රමාණයෙන් අඩක් මවගෙන්ද අඩක් පියාගෙන් ද උරුම වේ. එම නිසා දරුවා ගේ DNA පෙළගැස්ම මවගේ හා පියාගේ DNA පෙළ ගැස්ම හා සංසන්දනය කිරීමෙන් එම ජාන ඔවුන්ගෙන් උරුම වුණි දැයි සොයා බැලීමේ හැකියාවක් ඇත.

මෙවැනි පරීක්ෂණයක ප්‍රතිඵල බොහෝ විට දින තුනත් පහත් අතර කාලයකින් ලබාගත හැකි අතර සංකීර්ණ අවස්ථා වලදී එය දින දහය දක්වා දීර්ඝ විය හැකිය. බොහෝ අවස්ථාවලදී සම්මත DNA පරීක්ෂණ ක්‍රමවේදය වන්නේ ඛේට ආදී ශේෂ්මල පටල යොදාගැනීම වන නමුත් සමහර අවස්ථාවලදී හිසකෙස් හෝ වෙනත් රෝම කොටස් මගින් හෝ රෙදි කොටස් සහ සිගරට් කොට යොදාගෙනද DNA පරීක්ෂණයක් සිදු කිරීමේ හැකියාව ඇත.

පීතෘත්වය පරික්ෂා කිරීමේ සාමාන්‍ය පරීක්ෂණයක් රුපියල් හතලිස් දහසකට ආසන්න මුදලක් වැය කිරීම මඟින් සිදු කරගත හැකි වනු ඇත. නමුත් නූපන් බිළිඳෙකු සම්බන්ධව DNA පරීක්ෂණයක් සිදු කරන විට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවේ. කළලයට සති දහයක් සම්පූර්ණ වූ පසු එකී පරීක්ෂණය සිදුකර ගැනීමට හැකිවේ. දරුවාගේ පීතෘත්වය පරික්ෂා කිරීම සඳහා පියා යැයි අනුමාන කරන තැනැත්තා විසින් ජෛව සාම්පල ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔහුගේ ඥාතියෙකුගේ DNA පරීක්ෂා කිරීම මගින් ද දරුවාගේ පියා සොයා ගැනීමේ හැකියාවක් තිබේ.

එම නිසා පීතෘත්වය සම්බන්ධව ගැටලුවක් උද්ගත වන අවස්ථාවකදී හෝ වෙනත් ඥාතීත්වය සම්බන්ධ ගැටලුවක් උද්ගත වන අවස්ථාවකදී ඔබට ද පෞද්ගලිකව මුදල් වැයකොට DNA පරීක්ෂණයක් කර ගැනීමේ හැකියාව පවතියි. එවැනි ආයතන අන්තර්ජාලයේ සැරිසැරීමෙන් පහසුවෙන් සොයාගත හැක.


මේ එවැනි ආයතන කිහිපයක්:

Lexelon

Lexelon

Lexelon is a legal platform that makes Sri Lankan law easy to understand for the general public and businesses.