Property and LandFamily

සිහිවිකළ තැනැත්තන් සම්බන්ධ නඩු

Lexelon1 min read
Lexelon blog image

සිවිල් නඩු විධාන සංග්‍රහයට අනුව, සිහිවිකල තැනැත්තෙකු යනු මානසික හැකියාවක් නොමැති හා සිය කටයුතු කර කියා ගැනීමට අපොහොසත් යැයි නිසි ලෙස නීති මාර්ගයෙන් තීරණය කරනු ලැබූ තැනැත්තෙකු වේ.

සිහිවිකල තැනැත්තකු පිළිබඳ නඩු පැවරිය යුත්තේ ඔහු පදිංචිව සිටින ප්‍රදේශය අයත් දිසා අධිකරණයේය.

මේ සඳහා ඉල්ලීමක් කළ හැක්කේ,

  • සිහිවිකල තැනැත්තාගේ ඥාතියෙකු විසින්
  • පදිංචිව සිටින ප්‍රදේශයට අදාළ පොලිස් අධිකාරීවරයා විසින්
  • එවැනි තැනැත්තෙකුගේ දේපළක් පිහිටා ඇති ප්‍රදේශයට අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්
  • නීතිපතිවරයා විසින් වේ.

අධිකරණය විසින් නඩු විභාගය ආරම්භ කරනු ලබන්නේ දිවුරුම් ප්‍රකාශ ආදී ලේඛන මගින් සෑහීමකට පත් වීමෙන් අනතුරුව වන අතර සිහිවිකල තැනැත්තා නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස ඇතුළත් කළ යුතු වේ.

මෙහි සඳහන් කරනු ලබන තැනැත්තා සැබවින්ම සිහිවිකළ තැනැත්තෙකු ද යන්න විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස ගැනේ. යම් තැනැත්තෙකු සිහිවිකල තැනැත්තකු නොවන බව ද සිය කටයුතු කර කියා ගැනීමට අපොහොසත් තැනැත්තෙකු නොවන බවද විනිශ්චය කරනු ලැබූ අවස්ථාවක පෙත්සම නිෂ්ප්‍රභ කරනු ලැබේ.

දිසා අධිකරණය සිහිවිකල තැනැත්තාගේ දේපළ සඳහා කළමනාකරුවෙකු හා ආරක්ෂකයෙකු ආරක්ෂකයෙකු පත්කරනු ලැබිය හැකිය. එම තැනැත්තා නොමිලේ කටයුතු කිරීමට අකමැති වූ අවස්ථාවකදී දීමනාවක් ලබාදීමටද කටයුතු කරනු ඇත. සිහිවිකල තැනැත්තන්ගේ නඩු කටයුතු මුද්දර ගාස්තුවෙන් නිදහස් බවට විධිවිධාන සලසා ඇත

Lexelon

Lexelon

Lexelon is a legal platform that makes Sri Lankan law easy to understand for the general public and businesses.